kalu heenati rice porridge

දඟරේ food කැකුළු සහල් 50g පැකැට්ටුව විවෘත කර නැඹිළියකට හෝ බඳුනටකට දමා හොඳින් සෝදා ගන්න
Open the 50g packet of Dangar food raw rice, put it in a colander (NEmbiliya sinhala)or bowl, and wash it well.

හොඳින් සොදාගත් සහල් බඳුනකට ජලය 200ml දමා පැයක් පමණ පෙඟෙන්න හරින්න. උදැසන කැඳ කොප්පය සකසා ගැනිමට නම් පෙර දින රාත්‍රියේම පැය 8ක් පමණ සහල් පෙඟෙන්න හැරීමේන් සහල් ඉක්මනින් තම්බා ගත හැක.
Put 200ml of water in a bowl of well-washed rice and let it soak for about an 1 to 2 hour. To prepare a bowl of porridge in the morning, you can cook the rice quickly by soaking the rice for about 8 hours the night before.

සුදුළුෑනු , රතුළුෑනූ , අමු ඉඟුරු මිරිස් ගලේ හෝ ගල් වංගෙඩියක් භාවිතයේන් අඹරා හෝ පහසු අකාරකට තලා ගන්න.
Grind garlic, red onion, and raw ginger using a Mirisgala(hand made grinder) mortar and pestle or crush them into a fine powder. 

කැඳ සැකසීම සඳහා සෑම විටම මැටි මුට්ටියක් භාවිත කරන්න. පොඟවා ගත් කළු හීනටි සහල් 50g මෙරි වනතෙක් තම්බා ගැනීම සඳහා වතුර 400ml භාවිත කරන්න.
Always use a clay pot to prepare porridge. Use 400ml of water to boil 50g of soaked black rice until tender.

ගම්මිරිස් ඇට 05 ක්, කරාඹු නැට්ටක්, කුරුඳු පොතු කැබැල්ලක් සහ අඹරා ගත් සුදුළුෑණු, රතුළුෑණු, ඉඟුරු මිශ්‍රණය එකතු කර විනාඩි 15-20ත් අතර ප්‍රමාණයක් මද ගින්නේ පිස ගන්න.
Add 5 peppercorns, a clove, a piece of cinnamon stick, and the minced garlic, red onion, and ginger mixture and cook over low heat for 15-20 minutes.

කැඳ මිශ්‍රණය විනාඩි 15 - 20 පසු පොල්කටු  හැන්දක් භාවිතයේන්   තලපයක් වනතෙක් පොඩිකරගන්න . 
After 15-20 minutes, mash the porridge mixture using a wooden spoon until it forms a paste.

පොල්කිරි - දියකිරි හෝ මිටිකිරි කැඳපානය කරන්නාගේ ශරීර සෞඛ්‍ය මත  300ml එකතු කර හොඳින් කලවම් කරන්න.
Coconut milk - Add 300ml of coconut milk or condensed milk, depending on the health of the person drinking the porridge, and stir well.

කළු හීනටි කැකුළු සහල් තද ගතිය අතින් වැඩි බැවින් පොඩි නොවුණු සහල් තලපයක් ලෙස පොඩි කර ගැනීම සඳහා නෑඹිළියක් භාවිතා කරන්න. 
Since black heenati raw rice is thicker, use a Nembiliya or blender to grind it into a paste.

පොල්කිරි පැසවන තුරු සහ කැඳ මිශ්‍රණයේ උකුගතිය එනතුරු හොඳින් විනාදි 2 -3 ත් අතර කාළයක් මද ගින්නේ  කළවම් කර ලිපෙන් බා ගන්න.
Stir well over low heat for 2-3 minutes until the coconut milk has fermented and the porridge mixture has thickened, then remove from heat.

සුදුරු සහ මහදුරු මැටි හට්ටියක බැද කුඩුකරගන්න. මහදුරු 1/2g සහ සුදුරු 1g ලෙස අනුපාතයෙන් මැටි කබලේ මද ගින්නේ රත්කර බැද ගන්න.
Grind the  Caraway seeds and fennel seeds in a clay pot. Heat the clay pot over low heat in a ratio of 1/2g of fennel seeds and 1g of Caraway seeds.

බැදගත් සුදුරු සහ මහදුරු මිශ්‍රණය වංගෙඩියක  දමා පිටි වනතුරු හොඳින් කුඩුකරගන්න.
Put the roasted Caraway seeds and fennel mixture in a mortar and grind well until it becomes a powder.

රස අනුව ලුණු මද ස්වල්පයක් එකතු කරගන්න. ලුණු භාවිභය අනිවාර්ය නොවේ.  පිළියෙල කරගත් සුදුරු සහ මහදුරු මිශ්‍රණයෙන් ස්වල්පයක් රස අනුව විඩියෝ පටයෙහි දැක්වේන් අකාරයට එකතු කර ලී හැන්දක් භාවිතයෙන් හොඳින් කළවම් කරගන්න
Add a little salt to taste. Salt is not mandatory. Add a little of the prepared Caraway seeds and fennel mixture to taste as shown in the video and mix well using a wooden spoon.

සකසා ගත් කළු හීනටි කැඳ කොප්පය උදැසන හිස්බඩට කිතුල් හකුරු කෑල්ලක් සමඟ උදෑසන ආහාරයක් ලෙස මෙම කැඳ පානයකරන්න. 
Drink a cup of prepared black heenati rice porridge on an empty stomach in the morning with a piece of jaggery for breakfast.

Did you find this article useful?