බුත්සරණ

බුත්සරණ අල වර්ගය බොහෝ ගෙවතු ආශ්‍රිතව දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මීටර් 2ක් පමණ උසට වැඩෙන බුත්සරණ ශාකයක පත්‍රයක් සෙ.මී 30-40 අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙයි. සුලබව දක්නට ලැබෙන බුත්සරණ වර්ගයේ පත්‍ර දම් පැහැතියි. නමුත් පත්‍ර කොළ පැහැති ප්‍රභේදයක් ද දක්නට ලැබෙනවා. එම ප්‍රභේදයන් දෙක රතු බුත්සරණ සහ සුදු බුත්සරණ ලෙසින් හඳුන්වනවා. තරමක් පැණි රස ගතියෙන් යුත් මෙම අල වර්ගය තම්බා ආහාරයට ගන්නවා. බුත්සරණ අලවලින් ලබාගන්නා පිටි, කිරි සහ සීනි සමගින් මිශ්‍ර කර රසවත් තලපයක් සාදාගත හැකියි. සෙංගමාලය, මල බද්ධය වැනි රෝගවලින් පෙළෙන අය සඳහා මෙම අල ලබාදෙනවා. බුත්සරණ කොළ සහ මල් සර්ප විෂ නැසීම සඳහාත් භාවිතා කරනවා.

Did you find this article useful?