සුවඳැල් සහල්

🇱🇰 සුවඳැල් සහල් 🇱🇰
🎯 නිෂ්පාදිත රට
ශ්රී ලංකාව
🎯 හාල් ඇටයේ ස්වභාවය
සුදු පැහැති කුඩා හාල් ඇට වර්ගයකි.
🎯 සුවඳ සහ රස
අස්වනු නෙලන,වියලන,බත පිසින විට ආවේණික ප්රසන්න සුවඳක් ලැබේ. එමෙන්ම දිව පිනා යන ආවේණික රසයක් ඇත.
🎯 අස්වනු නෙලීමට ගතවන කාලය
මාස 3
🎯 ඖෂධීය හා රසායනික ගුණාංග
සුවදැල් සහල් වලින් බත පිසෙන විට ආවේනික සුවදක් වහනය වන නිසාම මෙයට සුවදැල් ලෙස නම ලැබී ඇත. සුවදැල් සහල් මගින් සාදාගන්න කිරිබත් ඉතාමත් ප්රණීත ආහාරයකි.
♦️සුවඳැල් සහල් වල පෝෂ්ය පදාර්ථ
✨️කාබොහයිඩේරට් 70.1%
✨️ ප්රෝටීන් 11.3%
✨️මේදය 2.5%
✨️තන්තු 1.2%
බොහෝ ප්රදේශ වල කිරි දානය සකස් කිරීමට යොදාගන්නේද මේ සහල් වර්ගයයි.
🎯 මොනවද ප්රතිලාභ
✨️දියවැඩියාව පාලනය කරයි.
✨️ශරීරය සිසිල් කරයි.
✨️බාහිස්රවිය කොට පාලනය කරයි
✨️සියලු රෝග නිවාරණය සදහා ඖශධීය ගුණයකින් යුත් මෙම සහල් වර්ගය ශරීරයේ හෝමෝන ක්රියාවලිය සමතුලිත කිරීමට උපකාරී වේ.
✨️ශරීරයේ ඇති ඇඩ්රිනලින් වර්ගවල ශ්රාවයන් පාලනය කිරීම සදහා අවශ්ය වන සෙලියුලෝස් වල සංයුතියට බොහෝ දුරට කිට්ටු වන අතර එහෙත් ඇමයිලෙස් වැනි එන්සයිම උත්පාදනය කරවන ශක්තියක් ඇති කාබෝහයිඩ්රේට වර්ග වලින් සමන්විතය. එනම් සිනි නැතිනම් ග්ලුකෝස් අධික සංචිතයක් මෙයින් ඇති නොකරවන අතර තල, කුරහන්, මුං ඇට වැනි ධාන්ය වර්ග සමග කලවම් කර කැද හෝ තලප ආකාරයට සකසා ගැනීමෙන් මෙම සහල් වර්ගයෙන් කායික හා මානසික නිරෝගිතාවයට උපරිම දායකත්වයක් සැපයෙනු ඇත.
✨️හෝමෝන ක්රියාවලිය මධ්යස්ත ආකාරයට පවත්වා ගැනීමට උපකාරී වන අතර එමගින් අධිරුධිර පීඩනයට හේතුකාරක වලක්වනු ඇත.
වස විස නොයොදා පසෙහි ස්වභාවික ක්රියාවලිය සිදුවන ආකාරයට මෙම සහල් වගා කල විට පසෙහි ඇති අයන වර්ග විශාල වශයෙන් උරාගැනීමේ හැකියාවක් සුවදැල් ශාකයට ඇත.
වෙනත් දේශීය සහල් වර්ග හෝ ධාන්ය වර්ග සමග එකතු කර කැද වර්ග සාදාගෙන පරිභෝජනය කිරීමෙන් ශරීරයේ ස්නායු උත්තේජනය, පිළිසකර කරවීම, ඇස් කූප වලට සම්බන්ධ වන රුධිර කේශ නාලිකා වල ප්රත්යස්ථාතාවය මනාව පාලනය කරවීම ආදිය සුවිශේෂී ආකාරයට කල හැකි සහල් වර්ගයක් ලෙස සුවදැල් සහල් සැලකේ.

https://www.facebook.com/groups/320681426322078/posts/735408468182703/

Did you find this article useful?